කුරුලෑ වලින් තොර පැහැපත් සහ සෞඛ්‍යය සම්පන්න සමක් ලැබීමට අප කවුරුත් ප්‍රිය කරනවා. මේ අරමුණ ඉටු කර ගැනීමට රසායනික ද්‍රව්‍ය වලින් පිරි විවිධ නිෂ්පාදිත දිගුකාලීන ලෙස භාවිතා කිරීමට බොහෝ දෙනා පෙළඹුණත් එය සමේ සෞඛ්‍යයට දැඩි ලෙස හානිදායක වනවා.
ආයුර්වේදය තුල සම පැහැපත් කිරීමට මෙන්ම සම සෞඛ්‍යය සම්පන්න කර වීමටද පිළියම් රාශියක් තිබෙනවා.
අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ ඕනෑම සමකට ගැලපෙන බැක්ටීරියා නාශක බලයන්, දිලීර නාශක බලයන් සහ වේදනා නාශක බලයන් අන්තර්ගත වන සමේ අවහිරවූ සිදුරු නැවතත් සකස් කර සම සෞඛ්‍යය සම්පන්න කරන ඖෂධීය ශාක හයක් පිළිබඳ තොරතුරුයි.
1. පිච්ච පත්‍ර
සෞඛ්‍යය සම්පන්න බලයන් අන්තර්ගත වන පිච්ච පත්‍ර මගින් සමේ ක්ෂුද්‍රජීවී ආසාදනයන් වලක්වනු ලබනවා. එමෙන්ම, පිච්ච පත්‍ර මගින් තෙල් සහිත සමක් ඇති අයෙකුගේ සමට අවශ්‍ය වන තෙල් නිසි පරිදි නිෂ්පාදනය වීම නියාමනය කරනු ලබනවා. රෝස මල් පෙඟවූ ජලය සහ පිච්ච පත්‍ර එක්කර මුහුණ සෝදන්න නැත්නම් සමෙහි ආලේප කරන්න. මෙසේ සිදු කර විනාඩි 15 ක් ගතවූ පසුව සම සෝදා පිරිසිදු කරන්න.
2. සඳුන්
සම සවිමත් කර සිසිල් භාවයට පත් කිරීමේ හැකියාව සඳුන් සතු වනවා. ඒ වගේම, සමේ ඇතිවන කුරුලෑ සහ බිබිළි ආදිය සුවපත් කර සමට ඇතිවන වේදනා තත්වයන්ද සුවපත් කරනු ලබනවා. සඳුන් කුඩු සහ රෝස මල් පෙඟවූ ජලය මිශ්‍ර කර ආලේපනයක් සකස් කර මුහුණේ ආලේප කරන්න. ඔබ ආලේප කල ආලේපනය වියලුනු පසුව මුහුණ සෝදා පිරිසිදු කරන්න.
3. නෙල්ලි
නෙල්ලි බැක්ටීරියානාශක බලයන් සහ දිලීරනාශක බලයන් අනතර්ගත වන විශාල ආයුර්වේදීය ගුණයක් ඇති ඖෂධයක් වනවා. නෙල්ලි මගින් සම අභ්‍යන්තරයට පෝෂණය සපයා සමේ මැරුණු සෛල ඉවත් කරනු ලබනවා. නෙල්ලි පත්‍ර කිහිපයක් තලා රෝස මල් පෙඟවූ ජලය සමග මිශ්‍ර කර ආලේපනයක් සකස් කර මුහුණේ ආලේප කරන්න.
4. මුරුංගා
වේදනා නාශක බලයන් සහ විෂබීජ නාශක බලයන් අන්තර්ගත වන මුරුංගා මගින් කුශ්ඨ, කැළැල් සහ කුරුලෑ ආදිය නසා සමේ ඇතිවන රැළි පවා දුරු කරනු ලබනවා.
5. කුංකුම
කුරුලෑ ලප කැළැල් නසා සමේ පැහැපත් භාවය වර්ධනය කර ගැනීමට දිලීරනාශක බලය ඇති කුංකුම භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ඔබ සිදු කල යුත්තේ කුංකුම උණු කිරි සමග මිශ්‍ර කර රැයක් පහන් වන තුරු තබා සමේ ආලේප කර වියළීමට ඉඩ තබා සෝදා පිරිසිදු කිරීම පමණයි.
6. කෝමාරිකා
දිලීරනාශක බලය, බැක්ටීරියානාශක බලය සහ වේදනා නාශක බලය වැනි බොහෝ සෞඛ්‍යය වාසි කෝමාරිකා ජෙල් මගින් සමට සපයනවා.
Source: healthtips.lk

No comments: